NEW ZEALAND TOUR OF SRI LANKA

වසර 35කින් තරගාවලියක් ජය ගන්න නවසීලන්තය අද තරග බිමට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(14) ආරම්භ වනවා.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 10ට ගාල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත්, මේ දිනවල ගාල්ල ප්‍රදේශයට වැසි සහිත අයපහත් කාළගුණ තත්ත්වයක් බලපා තිබෙනවා.

ඒ හේතුවෙන් තරගයේ පළමු දිනයට ද වර්ෂාවෙන් බාධා එල්ල වනු ඇති බවටයි අනාවැකි පලව ඇත්තේ.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 34ක්.

ඉන් තරග 15ක ජය නවසීලන්තයටත්, 8ක ජය ශ්‍රී ලංකාවටත් හිමිව තිබෙනවා.

තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

දෙරට අතර මෙරට දී පවත්වා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 15ක්.

ඉන් තරග 4ක් නවසීලන්තය ජය ගනිද්දී ශ්‍රී ලංකාව තරග 6ක් ජය ගෙන තිබෙනවා.

ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 5ක්.

කෙසේ වෙතත්, නවසීලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ දී අවසන් වරට ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජය ගෙන ඇත්තේ 1984 වසරේ දීයි.

එනම්, වසර 35කින් ඔවුන් මෙරට දී ටෙස්ට් තරගාවලියක් ජය ගෙන නැහැ.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top