වසරේ ක්‍රීඩා ජීව ගුණයට හිමි සම්මානය නවසීලන්තයට

0 129

වසරේ ක්‍රීඩා ජීව ගුණයට හිමි සම්මානය (Christopher Martin-Jenkins Spirit of Cricket Award) මෙවර දිනා ගැනීමට ලෝක ක්‍රිකට් අනුශූරයින් වන නවසීලන්තය සමත්ව තිබෙනවා.

ඒ, විශේෂයෙන්ම ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පිටියේ දී ඔවුන් දැක් වූ මහත්මා ක්‍රීඩා විලාශය සහ පිටියෙන් පිටතදී ද නවසීලන්ත ක්‍රීඩකයින් දැක් වූ විනයානුකූල හැසිරීම හේතුවෙන්.

මාරිලිබෝන් ක්‍රිකට් සමාජය සහ බී.බී.සී ලෝක සේවය විසින් වසරේ ක්‍රීඩා ජීව ගුණයට හිමි සම්මානය 2013 වසරේ සිට පිරිනැමීම ආරම්භ කළා.

මෙවර සම්මානය නවසීලන්තයට පිරිනැමීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාරිලිබෝන් ක්‍රිකට් සමාජය හෙවත් එම්.සී.සී හි සභාපති කුමාර් සංගක්කාර සදහන් කළේ ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ඔවුන් දැක් වූ මහත්මා ක්‍රීඩා විලාශය හේතුවෙන් මෙම සම්මානයට මෙවර වඩාත්ම සුදුසු රට වන්නේ නවසීලන්තය බවයි.

You might also like

Leave A Reply

Your email address will not be published.