ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

0 254

දකුණු අප්‍රිකාවට එරෙහි තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමත් සමග ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් ආරක්ෂා කර ගනිමින් සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට ඉන්දියාව සමත් වී තිබෙනවා.

ඔවුන් මේ වන විට තරග 3කට සහභාගී වී එම තරග තුනම ජය ගනිමින් ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 160ක්.

ප්‍රසාද ලකුණු 60 බැගින් හිමි කර ගෙන සිටින නවසීලන්තය සහ ශ්‍රී ලංකාව පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථානවල පසුවනවා.

සිව්වන ස්ථානය ඔස්ට්‍රේලියාවටත්, පස්වන ස්ථානය එංගලන්තයටත් හිමිව තිබෙනවා.

ප්‍රසාද ලකුණු සටහන –

ICC
You might also like

Leave A Reply

Your email address will not be published.