ලක්මාල්ට පාකිස්තාන ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

0 139

ශ‍්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල්ට එළඹෙන පාකිස්තාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය අහිමි වන බව වාර්තා වනවා.

ඒ, ඔහු ඩෙංගු රෝගයට ගොදුරු වීම හේතුවෙන්.

බොහෝ විට සුරංග ලක්මාල් වෙනුවට අසිත ප‍්‍රනාන්දු ශ‍්‍රී ලංකා සංචිතයට නම් කරනු ඇති.

ලබන 11 වනදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යාමට ද නියමිතව තිබෙනවා.

පාකිස්තානයේ දී ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 10කට පසුව වීම විශේෂත්වයක්.

2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහරයක් එල්ල වීමෙන් අනතුරුව මෙතෙක් එරට දී කිසිදු ටෙස්ට් තරගාවලියක් පවත්වා නැහැ.

ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී ශ්‍රී ලංකා බස් රථය තුළ සිටි ක්‍රීඩකයින් අතරින් මෙවර තරගාවලියට නම් කෙරුණු සංචිතයට ඇතුළත්ව සිටි එකම ක්‍රීඩකයා වූයේ ද සුරංග ලක්මාල් පමණයි.

You might also like

Leave A Reply

Your email address will not be published.