NEWS

රෂීඩ් තරග වාරයෙන් ඉවතට

එංගලන්ත සහ යෝක්ෂයාර් ප්‍රාන්ත දග පන්දු යවන ක්‍රීඩක අඩිල් රෂීඩ්ට මෙවර එංගලන්ත තරග වාරයේ ඉදිරි සියලු තරග අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු උරහිසෙහි ආබාධයකට ලක් වීම හේතුවෙන්.

නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී ද ඔහු මෙම ආබාධ තත්ත්වයට සුළු වශයෙන් ගොදුරු වී සිටි බව සදහන්.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමේ මීළග තරග සංචාරය සදහා සූදානම් විමට අඩිල් රෂීඩ්ට මාස දෙකක පමණ කාලයක් මේ වන විට ලැබී තිබෙනවා.

එංගලන්ත කණ්ඩායම ලබන නොවැම්බර් මාසයේ දී නවසීලන්ත තරග සංචාරයකට එක්වන අතර, අනතුරුව ඔවුන් දකුණු අප්‍රිකාවේ ද තරග සංචාරයකට එක් වනු ඇති.

අදාළ තරග සංචාරයන්ට පෙර තමාට සම්පූර්ණ සුවය ලැබීමට අවස්ථාව උදා වනු ඇති බවයි අඩිල් රෂීඩ් විශ්වාසය පල කරන්නේ.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top