ශ්රී ලංකා යොවුන් කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය නොවැලැක්විය හැකි හේතුවක් මත කල් දමා ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සදහන් කළේ නව කාලසටහන ඉදිරියේ දී ප්රකාශයට පත් කිරීමට කටයුතු කරන බවයි.
ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හෙට(29) දිනයේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබුණා.
ඒ, කොදෙව් සහ එංගලන්ත යොවුන් කණ්ඩායම් සමගින් තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියක් සදහා ක්රීඩා කිරීම සදහායි.