NEW ZEALAND TOUR OF SRI LANKA

“මම මේ වෙලාවේ අසරණයි ඒ ගැන කතා කරන්න” – මාලිංග

තරග ජය ගැනීමට නම් ක‍්‍රීඩකයින් අවධානමක් ගත යුතු බව ශ‍්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා.

නවසීලන්තයට එරෙහි තෙවැනි පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු ඒ බව සදහන් කළා.

අවධානමක් ගැනීම සිය ක‍්‍රිකට් ජීවිතයේ සහ ඉන් පිටත ද සෑම දිනකම සිදු වූ බවයි මාලිංග එහි දී සදහන් කළේ.

ලසිත් මාලිංගගෙන් පන්දු යැවීම සම්බන්ධයෙන් ඉගෙන ගැනීම සදහා යොවුන් ක‍්‍රීඩකයින් උත්සාහ දරන්නේ ද? ඒ කවුරුන්ද? යන්න සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විමසා සිටියා.

“මට ඇත්තටම ඒකට හරි පිළිතුරක් දෙන්න බැහැ. මොකද මම මේ වෙලාවේ අසරණයි ඒ සම්බන්ධයෙන් කතා කරන්න.”

යනුවෙන් මාලිංග ඊට පිළිතුරු ලබා දුන්නා.

“කවද හෝ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මගෙන් යමක් බලාපොරොත්තු වුනොත් මම ඒ දේ පුරුදු කරනවා. ඒ අංශවලට අදාළ පුද්ගලයින් ඉන්නකොට මට අදාළ කාරණාවක් නෙවෙයි ඒක. යම් කිසි අවස්ථාවකදී මගෙන් ක‍්‍රීඩකයෙක් ඇවිත් ඇහුවොත් සියයට සියයක් මම ඔහුට සහය ලබා දෙනවා. ලංකාවේ දැනට ක‍්‍රීඩා කරන හා කලින් ක‍්‍රීඩා කළ සෑම ක‍්‍රීඩකයෙකුටම මගෙ අත්දැකීම් මං කිසි දවසක බෑ කියන්නැතුව දීලා තියෙනව”

මාධ්‍ය හමුවේ දර්ශන පහතින් – (දර්ශන මූලාශ‍්‍රය – SLC)


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top