NEWS

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව පරදියි – අවසන් පූර්ව තරගය ඉන්දියාවට එරෙහිව

SLC

ආසියානු යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වූ  මූලික වටයේ අවසන් තරගයෙන් අද ඔවුන් පරාජයට පත් වුණා.

බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමග පැවැති එම තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පරාජයට පත් වූයේ ලකුණු 42කින්.

මොරටුව පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 273ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 47.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 231ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අවසන් පූර්ව වටයේ දී ඉන්දියාව සමගින්ද, බංග්ලාදේශය අවසන් පූර්ව වටයේ දී ඇෆ්ඝනිස්තානය සමගින්ද තරග වදිනු ඇති.

එම තරග ලබන 12 වනදා පැවැත්වීමට නියමිතයි.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top