NEWS

බංග්ලාදේශයට එරෙහි ශ‍්‍රී ලංකා සංචිතය ප‍්‍රකාශයට පත් කෙරේ – දික්වැල්ලටත් තනතුරක්

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක‍්‍රිකට් තරගාවලිය සදහා වන ශ‍්‍රී ලංකා සංචිතය ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

සංචිතය සදහා ක‍්‍රීඩකයින් විසි දෙදෙනෙකු ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

සංචිතයේ නායකයා ලෙස සුපුරුදු පරිදි දිමුත් කරුණාරත්න කටයුතු කරනවා.

ඊට අමතරව බංග්ලාදේශ කණ්ඩායම සමග පුුහුණු තරගය ක‍්‍රීඩා කිරීම සදහා වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ සංචිතයක් ද ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි නායකයා ලෙස නිරෝෂන් දික්වැල්ල කටයුතු කරනු ඇති.

දෙරට අතර පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලිය ලබන 26 වනදා ආරම්භ වන අතර, පුහුණු තරගය ලබන 23 වනදා පැවැත්වෙනවා.

මේ අතර, බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායම හෙට(20) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.

 


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top