NEWS

“ප‍්‍රතිචාරය හොද නැත්නම් බායි කියල යනවා” – මාලිංග මාධ්‍ය හමුවේ කියූ කතාව

ඉදිරියේ දී තමා ශ‍්‍රී ලංකා පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස 20යි 20 ලෝක කුසලානය වෙනුවෙන් නව සැලසුමක් සකස් කරන බව ඊයේ(26) ජගත් එක්දින ක‍්‍රිකට් පිටියෙන් සමු ගත් ලසිත් මාලිංග පවසනවා.

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දීයි ඔහු ඒ බව සදහන් කළේ.

පුහුණුවීම් විය යුතු ආකාරය ද ඊට ඇතුළත් කරන බව ඔහු පෙන්වා දුන්නා.

20යි 20 තරග සදහා සුදුසු යැයි සිතිය හැකි ක‍්‍රීඩකයින් 20ක් හෝ 25 දෙනෙකු හදුනා ගත යුතු බවයි ලසිත් මාලිංග සදහන් කළේ.

“හරිම සරලව මගේ ප‍්‍රතිපත්තිය කියනවා. කියල බලනව ප‍්‍රතිචාරය කොහොමද කියල. හොදනම් ඉන්නවා, නැත්තම් ඉතිං බායි කියල යනවා.”

මාලිංගගේ ප‍්‍රකාශය පහතින් –


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top