NEWS

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ඇතුළත් බව නිල වශයෙන් නිවේදනය කෙරේ

2022 වසරේ බර්මිංහැම් හී දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සදහා ක්‍රිකට් ක්‍රීඩා ඉසව්වක් ද ඇතුළත් බව අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය නිවේදනය කළේ අදාළ ක්‍රීඩා උළෙල සදහා පන්දුවාර 20යි 20 කාන්තා තරග ඉසව්වක් ඇතුළත් වන බවයි.

ජගත් ක්‍රිකට් කවුන්සලය සහ එංගලන්ත – වෙල්ස් ක්‍රිකට් ආයතනය ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි මෙම අවස්ථාව හිමිව ඇත්තේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සදහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වන්නේ 1998 වසරට පසුව වීම විශේෂත්වයක්.

ALSO READ : 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් එක්වන ලකුණු – එම්.සී.සී රැස්වීමේ දී හෙළිවෙයි


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top