NEW ZEALAND TOUR OF SRI LANKA

පුහුණු තරගය ජය පරාජයෙන් තොරයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ‍‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර කටුනායක දී පැවති තෙදින පුහුණු ක‍්‍රිකට් තරගය අද ජය පරාජයකින් තොරව අවසන් වුණා.

වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අද දිනය සඳහා ද තරගය පැවැත්වීමට හැකි වූයේ නැහැ.

ඊයේ දිනයේ දී ද වර්ෂාව හේතුවෙන් තරගය සම්පූර්ණයෙන් අතහැර දැමීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

පළමු දිනට තරගය නතර කරන විට තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ‍‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලූ‍ 6ක් දැවී ලකුණූ 323ක් ලබා සිටියා.

ධනුෂ්ක ගුණතිලක ලකුණූ 98කටත්, සධීර සමරවික‍්‍රම ලකුණු 80කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී අජාස් පටෙල් කඩුලූ‍ 5ක් බිද හෙලූ‍වා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 14 වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top