ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් අද සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ත්‍රිත්ව ශතකය වාර්තා කිරීමට සමත් වුණා.
ඒ, පාකිස්තානයට එරෙහිව ඇඩිලේඩ් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයේ දී යි.
එහිදී ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ශක්තිමත් කළ වෝනර් පන්දු 418කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 335ක්.
ඔහුගේ ඉනිමට හයේ පහර 1ක් සහ හතරේ පහර 39ක් ඇතුළත්.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ 7 වන පිතිකරු ලෙසයි ඔහු අද ඉතිහාස ගත වුණේ.
එමෙන්ම ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඉනිමකදී පිතිකරුවෙකු රැස් කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව ද ඔහු අද වාර්තා කළා.
ඒ, ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන් සහ මාර්ක් ටේලර් ලබා ගෙන තිබූ ලකුණූ 334 සීමාව පසු කර යාමත් සමගයි.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ටෙස්ට් ඉනිමකදී ලබා ගෙන ඇත්තේ මැතිව් හේඩ්න්.(380)
වෝනර් අද දැක් වූ දක්ෂතාවය ඉතිහාසගත වූයේ ටෙස්ට් ඉනිමක දී පිතිකරුවෙකු වාර්තා කළ 10 වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
ටෙස්ට් ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් බ්‍රයන් ලාරා (400*) තබා ඇති ලෝක වාර්තාව ද අද දිනයේ දී ඩේවිඩ් වෝනර් පසු කර යනු ඇති බවට මත පල වුවද ඊට පෙර ඔස්ට්‍රේලියාව සිය ඉනිම අත්හිටුවිම විශේෂත්වයක්.
ඩේවිඩ් වෝනර් ලකුණු 226ක් ලබා සිටියදී උඩ පන්දුවක් ලබා දී දැවී ගියද එය නිපන්දුවක් වීම හේතුවෙන් ඔහුට තවදුරටත් පිටියේ රැදී සිටීමට අවස්ථාව උදා වුණා.
මීට වසර පහකට පෙර පන්දුවක් හිසේ වැදීමෙන් මිය ගිය ඔස්ට්‍රේලියානු පිතිකරු පිල් හියුස්ගේ 31 වන ජන්ම දිනය ද අදට යෙදී තිබීම විශේෂත්වයක්.