පාකිස්තාන සංචිතයෙන් 7ක් ඉවතට – මලික් සහ හෆීස්ට කැදවීමක්

0 733

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය අද(16) ප්‍රකාශයට පත් කෙරුණා.

බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

මෑතකදී පාකිස්තාන කණ්ඩායම 20යි 20 තරගවලදී දැක් වූ පසුබෑම හේතුවෙන් මෙම සංචිතයේ වෙනස්කම් රැසක් සිදු කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව ක්‍රීඩකයින් 7 දෙනෙකු සංචිතයෙන් ඉවත් කර ඇති අතර, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන මොහොමඩ් හෆීස් සහ ෂොයිබ් මලික් යළි සංචිතයට කැදවා තිබෙනවා.

Ahsan Ali, Amad Butt සහ Haris Rauf යන 20යි 20 ජාත්‍යන්තර වරම් මෙතෙක් හිමි කර ගෙන නොමැති ක්‍රීඩකයින් තිදෙනෙකු ද පාකිස්තාන තේරීම් කමිටුව විසින් මෙම සංචිතය සදහා නම් කර ඇති බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන 24 වනදා ලාහෝර්හී දී ආරම්භ වීමට නියමිතයි.

Squad:

  • Babar Azam (captain), Ahsan Ali, Amad Butt, Haris Rauf, Iftikhar Ahmed, Imad Wasim, Khushdil Shah, Mohammad Hafeez, Mohammad Hasnain, Mohammad Rizwan (wk), Musa Khan, Shadab Khan, Shaheen Shah Afridi, Shoaib Malik, Usman Qadir
You might also like

Leave A Reply

Your email address will not be published.