පාකිස්තානයට ගිය 12ක් ඔස්ටේ‍්‍රලියානු සංචාරයට නම් කෙරේ

0 62

එළඹෙන ඔස්ටේ‍්‍රලියානු තරග සංචාරය සදහා ක‍්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ‍්‍රී ලංකා සංචිතයක් නම් කර ඇති බව වාර්තා වනවා.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා පාකිස්තාන තරග සංචාරයට එක් වූ ක‍්‍රීඩකයින් 12 දෙනෙකු නම් කර ඇති බව සදහන්.

එම ක‍්‍රීඩකයින් 12 දෙනා සහ ලසිත් මාලිංග හැරුණු විට පාකිස්තාන සංචාරයට එක් නොවූ තවත් ක‍්‍රීඩකයින් තිදෙනෙකු පමණක් ඔස්ටේ‍්‍රලියානු සංචාරය සදහා නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

රුමේෂ් රත්නායක මහතා මෙම තරගාවලියේ දී ද වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.

ඒ, නව පුහුණුකාර මණ්ඩලයක් පත් කිරීමට මෙතෙක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කටයුතු නොකිරීම හේතුවෙන්.

ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 27 වනදා ඇඩිලේඩ්හී දී පැවැත්වීමට නියමිතයි.

You might also like

Leave A Reply

Your email address will not be published.