පාකිස්තානයට ගිය ශ්‍රී ලංකාවට තුන්කෝටියක තෑග්ගක්

0 98

පාකිස්තාන තරග සංචාරය සදහා එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ පනස් දහසක මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

පළමුව අමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් පාකිස්තාන සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දීමට තීරණය කර තිබූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සදහන් කළේ.

කෙසේ වෙතත්, 20යි 20 තරගාවලියේ දී දැක් වූ දක්ෂතා ද සැලකිල්ලට ගනිමින් තවත් අමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමට ලබා දීමට මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඊට අමතරව ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් ප්‍රකාරව තරග ජය ගැනීම හේතුවෙන් ද තවත් අමෙරිකානු ඩොලර් 15,000 බැගින් ඩොලර් 45,000ක දීමනා මුදලක් ද ලබා දීමට නියමිතයි.

ඒ අනුව සමස්තයක් වශයෙන් අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ පනස් දහසක (රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක පමණ) මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හිමි වනු ඇති.

You might also like

Leave A Reply

Your email address will not be published.