පළමු තරගයේ වේලාව සංශෝදනය කෙරේ – චන්දිමාල් ක්‍රීඩා කරන බවට සහතිකයක්

Preview

0 221

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද රාවල්පින්ඩි හී දී ආරම්භ වනවා.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 10.15ට (පාකිස්තානු වේලාවෙන් පෙ.ව. 9.45) ආරම්භ වීමට නියමිතයි.

තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය අවට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පස්වරුවේ ඇති විය හැකි අන්දකාර තත්ත්වයට මුහුණ දීම සදහා තරගය නියමිත වේලාවට වඩා මිනිත්තු 15 කට පෙර ආරම්භ කිරීමටයි තරග තීරකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති නායකත්ව සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ.

ඒ අනුවයි තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 10යි 15 ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

මේ අතර, අයහපත් ආලෝකයෙන් තරගයට බාධා එල්ල වුවහොත් විදුලි ආලෝකය යටතේ තරගය ක්‍රියාත්මක කිරීමට ද අදාළ සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.

තරගයට වර්ෂාවෙන් ද බාධා එල්ල වීමේ අවධානමක් පවතින බව සදහන්.

මේ අතර, මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් ද ක්‍රීඩා කරන බව නායක දිමුත් කරුණාරත්න සදහන් කළා.

ඒ, ඊයේ(10) පැවැති මාධ්‍ය හමුවේ දී යි.

“ඇත්තටම චන්දි (දිනේෂ් චන්දිමාල්) හෙට තරගයට ක්‍රීඩා කරනවා. ඔහු කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම ඉන්න ක්‍රීඩකයෙක්. ඒ අත්දැකීම් අපි ප්‍රයෝජනයට ගත යුතුයි”

ඒ අනුව දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන්නේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය පෙබරවාරි මාසයේ පැවැති ටෙස්ට් තරගාවලියෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස දිමුත් කරුණාරත්න සමගින් ඕෂධ ප්‍රනාන්දු ක්‍රීඩා කරනු ඇති බව ද ඊයේ පැවැති මාධ්‍ය හමුවේ දී අණාවරණය වුණා.

ක්‍රීඩා කිරීමට ඉඩ ඇති ශ්‍රී ලංකා කණ්ඩායම –

1. දිමුත් කරුණාරත්න, 2. ඕෂධ ප්‍රනාන්දු, 3. කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. දිනේෂ් චන්දිමාල්, 6. නිරෝෂන් දික්වැල්ල, 7. ධනංජය ද සිල්වා, 8. දිල්රුවන් පෙරේරා, 9. විශ්ව ප්‍රනාන්දු, 10. කසුන් රජිත, 11. ළහිරු කුමාර.

කණ්ඩායම් දෙකේම කිසිදු ක්‍රීඩකයෙකු මෙතෙක් පාකිස්තානයේ දී කිසිදු ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර නොමැති අතර, එරට දී ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ වසර දහයකට පසුවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට පාකිස්තානයේදී ටෙස්ට් තරගාවලියක් පරාජයට පත්ව ඇත්තේ 1991 වසරේදීයි.

ඉතිහාසයේ දී දෙරට අතර මෙතෙක් ටෙස්ට් තරග 53 ක් පවත්වා ඇති අතර, ඉන් තරග 16ක ජය ශ්‍රී ලංකාවටද, තරග 19 ජය පාකිස්තානයට ද හිමිවුණා.

ශ්‍රී ලංකාව රාවල්පින්ඩි හී දී 2000 වසරේ දී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළ අතර, එම තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු දෙකක ජයක් හිමි වුණා.

මේ අතර, පළමු ටෙස්ට් තරගය නැරඹීම සදහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා වන බන්දුල වර්ණපුර මහතා සහ පාකිස්තාන හිටපු නායක ජෙවෙඩ් මියන්ඩාඩ් ද එක් වීමට නියමිතයි.

You might also like

Leave A Reply

Your email address will not be published.