NEW ZEALAND TOUR OF SRI LANKA

පළමු ටෙස්ට් තරගයට චන්දිමාල් නැහැ – දිමුත් මාධ්‍යට කළ ප්‍රකාශය මෙන්න

හෙට(14) ආරම්භ වන ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා හිටපු නායක දිනේෂ් චන්දිමාල්ට අහිමි වන බව වාර්තා වනවා.

ඒ, කණ්ඩායමේ ප්‍රධාන කඩුලු රකින පිතිකරු ලෙස නිරෝෂන් දික්වැල්ල කටයුතු කරන බැවින්.

අද ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සදහන් කළේ තණතීරුව පරීක්ෂා කර බැලීමෙන් පසුව අවසන් ක්‍රීඩකයින් 11 දෙනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදු වන බවයි.

වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මෙතෙක් තණතීරුව නිසිපරිදි අධ්‍යනය කිරීමට නොහැකි වූ බව ද ඔහු පෙන්වා දුන්නා.

නිරෝෂන් දික්වැල්ල පළමු තරගයේ දී කඩුලු රකින පිතිකරු ලෙස කටයුතු කරන බවත්, අවශ්‍ය වුවහොත් කුසල් ජනිත් සහ දිනේෂ් චන්දිමාල් ආදේශ කිරීම සදහා සංචිතයේ පසුවන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා මෙහිදී සිහිපත් කළා.

පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී දිමුත් කරුණාරත්න කියා සිටියේ දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමට ක්‍රීඩා කළ හැක්කේ කඩුලු රකින පිතිකරුවෙකු ලෙස පමණක් බවයිි.

ඒ හේතුවෙන් හෙට තරගයේ දී හිටපු නායක දිනේෂ් චන්දිමාල්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව බොහෝ විට අහිමි වනු ඇති.

මේ අතර, මෙම තරගයේ දී දග පන්දු යවන්නන් තිදෙනෙකු සමග ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ අනුව අකිල ධනංජය, ලසිත් ඇඹුල්දෙණිය සහ ධනංජය ද සිල්වා (තුන් ඉරියව්) කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති බවත් දිමුත් කරුණාරත්න අවධාරණය කර සිටියා.

 


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top