NEWS

පන්දු සියයේ දී ලෝඩ්ස් පුහුණුකාරීත්වයට වෝර්න් පත් කෙරේ

ඔස්ට්‍රේලියානු හිටපු දග පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝර්න් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පන්දු සියයේ එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ දී ලෝඩ්ස් කේන්ද්‍ර කර ගත් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

එමෙන්ම ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ හිටපු පුහුණුකාරිණී Lisa Keightley ලෝඩ්ස් කේන්ද්‍ර කර ගත් කාන්තා කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස පත් කර ඇති බව සදහන්.

ෂේන් වෝර්න් මීට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළා.

ඔහු එම කණ්ඩායමේ නායකයා ලෙස ද කලක් කටයුතු කළ අතර, පළමු අයි.පී.එල් තරගාවලියේ ශූරතාවය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ජය ගත්තේ ද ෂේන් වෝර්න්ගේ නායකත්වයෙන්.

ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන් අතරින් ඔහු දෙවැනි වන්නේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට පමණයි.

ඔහුට අමතරව මේ වන විට ඔස්ට්‍රේලියාවේම සයිමන් කැටිච් අදාළ තරගාවලියේ දී මැන්චෙස්ටර් කණ්ඩායමේ ද ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් බර්මිංහැම් කණ්ඩායමේ ද පුහුණුකරු වශයෙන් කටයුතු කිරීමට නියමිතයි.

Also Read – මහේලට එංගලන්තයේ ප‍්‍රධාන පුහුණුකාර ධූරයක්

Also Read – පන්දු සියයයේ තරග ක්‍රමවේදයට අනුමැතිය


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top