NEW ZEALAND TOUR OF SRI LANKA

නවසීලන්ත පිතිකරුවන් පුහුණුවීම්වලදී මාලිංගගේ පන්දුවලට මුහුණ දුන් හැටි

ශ‍්‍රී ලංකාව සමග අද පැවැත්වෙන තෙවන හා අවසන් පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් තරගය සදහා ඊයේ රාත‍්‍රී කාලයේ දී ද නවසීලන්ත කණ්ඩායම පුහුණුවීම්වල නිරත වුණා.

ඒ, මහනුවර පල්ලේකැලේ ක‍්‍රීඩාංගනයේ දී යි.

මෙහිදී නවසීලන්ත පිතිකරුවන් සිය පුහුණුවීම් සිදු කළ ආකාරය මේ වන විට බොහෝ අයගේ කතාබහට ලක්ව තිබෙනවා.

ඔවුන් ශ‍්‍රී ලංකා නායක ලසිත් මාලිංගගේ පන්දු සදහා මුහුණ දීමට මෙහිදී විශේෂ වැඩපිළිවෙලක් යොදා තිබුණා.

ඒ, පිතිකරුවන් පුහුණුවීම් සිදු කරන විට ලසිත් මාලිංගගේ ඉරියව්වෙන් පන්දු යවන අයෙකු පුහුණුවීම් සදහා සම්බන්ධ කර ගනිමින්.

ඊට අදාළ වීඩියෝ දර්ශන කිහිපයක් ද නවසීලන්ත ක‍්‍රිකට් ආයතනයේ නිල ඉන්ස්ටග‍්‍රෑම් ගිණුමෙහි මෙලෙස සටහන් කර තිබුණා.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top