නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය අද (3) ප්‍රකාශයට පත් කෙරුණා.
ටිම් පේන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.
නිමා වූ පාකිස්තාන ටෙස්ට් තරගාවලිය සදහා වූ ඔස්ට්‍රේලියානු සංචිතයට නම් කර සිටි ක්‍රීඩකයින් අතරින් නවසීලන්ත ටෙස්ට් තරගාවලිය අහිමි වී ඇත්තේ කැමරන් බැන්ක්‍රොෆ්ට්ට පමණයි.
කෙසේ වෙතත්, ඔහු පළමු තරගය සදහා අමතර ක්‍රීඩකයෙකු ලෙස සංචිතය හා කටයුතු කරනු ඇති.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 12 වනදා පර්ත් හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.
Australia Test squad:
Tim Paine (c), Joe Burns, Pat Cummins, Josh Hazlewood, Travis Head, Marnus Labuschagne, Nathan Lyon, Michael Neser, James Pattinson, Steve Smith, Mitchell Starc, Matthew Wade, David Warner.
Domain Test Series vs New Zealand –
First Test: December 12-16, Perth Stadium day-night
Second Test: December 26-30, MCG
Third Test: January 3-7, SCG