“දෝනිගේ අනාගතය පැහැදිලියි” – ගංගුලි

0 226

ඉන්දීය සුපිරි පිතිකරු මහේන්ද්‍ර සිං දෝනිගේ අනාගත ක්‍රිකට් දිවිය සම්බන්ධයෙන් මේ වන විට අපහැදිලිතාවයක් නොමැති බව එරට ක්‍රිකට් ආයතනයේ සභාපති සව්රවු ගංගුලි පවසනවා.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් ඇතැම් කරුණු ප්‍රසිද්ධියේ පැවසිය නොහැකි බවයි PTI පුවත් සේවය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කළේ .

දෝනිගේ අනාගත ක්‍රීඩා දිවිය කෙසේ වේදැයි ඉදිරියේ දී සියලු දෙනාට දැන ගැනීමට හැකි වනු ඇති බව ද ගංගුලි සදහන් කර තිබෙනවා.

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව එම් එස් දෝනි මෙතෙක් කිසිදු ජාත්‍යන්තර තරගයක් සදහා ක්‍රීඩා කර නැහැ.

පසුගිය දිනකදී ඔහුගේ අනාගත ක්‍රීඩා දිවිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු දෝනිගෙන් සිදු කළ විමසීමක දී සදහන් කර තිබුණේ ජනවාරි මාසය වන තෙක් ඒ පිළිබද කිසිවක් තමන්ගෙන් නොවිමසන ලෙසයි.

එමෙන්ම එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දි ඔහු දක්වන දක්ෂතා මත ලබන වසරේ පැවත්වෙන ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා දෝනිගේ සහභාගීත්වය තීරණය වනු ඇති බව ද මෑතකදී මහේන්ද්‍ර සිං දෝනි සම්බන්යෙන් අදහස් දක්වමින් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ට්‍රී සදහන් කළා.

You might also like

Leave A Reply

Your email address will not be published.