දෙවන එක්දින තරගය රිෂාබ් පාන්ට්ට අහිමි වෙයි

0 195

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත දෙවන එක්දින ක්‍රිකට් තරගය ඉන්දීය කඩුලු රකින පිතිකරු රිෂාබ් පාන්ට්ට අහිමි වී තිබෙනවා.

ඒ, පළමු එක්දින තරගයේ දී ඔහුගේ හිස් ආවරණයේ පන්දුවක් වැදීමෙන් ඇති වූ කම්පන තත්ත්වය හේතුවෙන්.

ඔහු දැවී ගිය පන්දුවේදීයි රිෂාබ් පාන්ට් මෙම අනතුරට මුහුණ දුන්නේ.

ඒ හේතුවෙන් ඔහු පන්දු රැකීම සදහා ද පළමු එක්දින තරගයේ දී එක් වූයේ නැහැ.

අනතුරුව රිෂාබ් පාන්ට් රෝහල් ගත කර වෛද්‍ය පරීක්ෂණ සිදු කර තිබූ අතර, එහිදී අණාවරණය වූයේ ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි.

හෙට පැවැත්වෙන දෙවන එක්දින තරගය සදහා සහභාගී වීමට ඉන්දීය කණ්ඩායම ඊයේ දිනයේ දී රාජ්කොට් වෙත ළගා වී තිබුණා.

නමුත් එම සංචිතය සමග ද රිෂාබ් පාන්ට් එක් වී නැහැ.

ඒ වෙනුවට ඔහු බැංගලෝර් වෙත ගොස් ඇත්තේ සිය ශාරීරික යෝග්‍යතාවය යළි ප්‍රකෘති තත්ත්වයට පත් කර ගැනීමේ ඉදිරි කටයුතු සදහායි.

You might also like

Leave A Reply

Your email address will not be published.