NEWS

දෙවන අලුබදුන ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියානු 12 නම් කෙරේ

cricket.com.au

එංගලන්තය සමග පැවැත්වෙන දෙවන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ඔස්ට්‍රේලියාව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් පැටින්සන් මෙම සංචිතය සදහා නම් නොකිරීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, ජොෂ් හෙසල්වුඩ් සහ මිචෙල් ස්ටක් ඊට ඇතුළත්.

දීර්ඝ කාලීන ආබාධ තත්ත්වයන් සහ කාර්යබහුල තරග කාලසටහන දෙස අවධානය යොමු කර ජේම්ස් පැටින්සන් දෙවන ටෙස්ට් තරගයට ඇතුළත් කර නොමැති බවයි වාර්තා වන්නේ.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(14) ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Australia XII for second Ashes Test:

David Warner, Cameron Bancroft, Usman Khawaja, Steve Smith, Travis Head, Matthew Wade, Tim Paine (c, wk), Pat Cummins, Mitch Starc, Peter Siddle, Nathan Lyon, Josh Hazlewood


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top