NEWS

දිමුත්, මාලිංග ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් 10ක් පාකිස්තාන සංචාරයෙන් ඉවත් වෙයි

එළඹෙන පාකිස්තාන තරග සංචාරයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 10 දෙනෙකු තීරණය කර තිබෙනවා.

අදාළ තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ආයතන බළධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැති අතර, එහිදී එම තරග සංචාරයෙන් ඉවත්වීම සදහා ක්‍රීඩකයින්ට නිදහස ලබා දෙන බවටයි ක්‍රිකට් තේරීම් කමිටුව සදහන් කර ඇත්තේ.

ඒ අනුව නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ලසිත් මාලිංග, ඇන්ජෙලෝ මැතිව්ස්, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න පාකිස්තාන තරග සංචාරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

මෙම රැස්වීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ආරක්ෂක උපදේශක හිටපු ගුවන් හමුදාපති Marshal of the Air Force රොෂාන් ගුණතිලක මහතා විසින් පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සහ එරට ක්‍රිකට් ආයතනය ලබා දීමට සූදානම් කර ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රීඩකයින් දැනුවත් කළ බව ද සදහන්.

පාකිස්තාන තරග සංචාරය ලබන 27 වනදා ආරම්භ වන අතර, ඊට එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් ඇතුළත්.

ඒ සදහා වන සංචිත ද අද දිනයේ දී තෝරා ගෙන තිබෙනවා.

ඊට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ පසු මාධ්‍ය වෙත අදාළ සංචිත ප්‍රකාශ කරනු ඇති.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top