“දසුන්ව උප නායකයා කරන්න දැන්ම බැහැ” – අසන්ත

0 81

ඉදිරියේ දී ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ හෝ උප නායකත්වයේ වෙනසක් සිදු විය හැකි බවට මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා පවසනවා.

පාකිස්තාන තරග සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

දසුන් ශානක නායකයෙකු වශයෙන් පාකිස්තාන තරගාවලියේ දී දස්කම් දැක්වුවද ඔහුට 20යි 20 කණ්ඩායමේ නිත්‍ය නායකත්වය හෝ උප නායකත්වය ලබා දීමේ හැකියාවක් මෙම අවස්ථාවේ නොමැති බව අසන්ත ද මැල් මහතාගේ අදහසයි.

මේ වන විට 20යි 20 කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස කටයුතු කරන්නේ ලසිත් මාලිංගයි.

එමෙන්ම උප නායකයා ලෙස පසුගිය තරගාවලියන් හී දී නිරෝෂන් දික්වැල්ල කටයුතු කළා.

එබැවින් දික්වැල්ල ඉවත් කර උප නායකයා ලෙස දසුන් ශානක පත් කිරීමේ හැකියාවක් මෙම අවස්ථාවේ දී නොමැති බව තේරීම් කමිටු ප්‍රධානීවරයා පෙන්වා දෙනවා.

නායකයා සහ උප නායකයා කණ්ඩායමේ ස්ථීර ක්‍රීඩකයින් විය යුතු බවත්, ඒ අනුව පළමුව දසුන් ශානක කණ්ඩායමේ අංක 6 හෝ 7 ස්ථානවල ස්ථාවරත්වයක් ගොඩ නගා ගත යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා පවසා සිටියා.

මාධ්‍ය හමුවේ දර්ශන පහතින් –

You might also like

Leave A Reply

Your email address will not be published.