NEWS

දසුන්ගේ හයේ වරුසාව අපතේ යයි

SLC

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමග පැවැති පුහුණු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 282ක් ලබා ගත්තා.

දසුන් ශානක නොදැවී ලකුණු 86ක් ලබා ගතතේ හයේ පහර සහ හතරේ පහර 6 බැගින් එල්ල කරමින්.

පන්දු යැවීමේ දී රුබෙල් හුසේන් සහ සෞම්‍ය සාකාර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය ඉනිම නිමාවීමට පන්දු 11ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

මොහොමඩ් මිතුන් ලකුණු 91යි.

පන්දු යැවීමේ දී ළහිරු කුමාර කඩුලු 2ක් බිද හෙලුවා.

 


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top