NEWS

දකුණු අප්‍රිකා සුපිරි මැද පෙල පිතිකරුත් කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුළත් කෙරේ

දකුණු අප්‍රිකා මැද පෙල පිතිකරු රසී වැන් ඩර් ඩුසේන් (Rassie van der Dussen) දකුණු අප්‍රිකා ක්‍රිකට් වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම් සදහා ඇතුළත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ, නිමා වූ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ඔහු දැක් වූ සුවිශේෂී දක්ෂතා සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව මෙම වසරේ දී වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කරන 17 වැනි දකුණු අප්‍රිකා ක්‍රීඩකයා වන්නේ රසී වැන් ඩර් ඩුසේන්.

කොල්පැක් ගිවිසුම යටතේ දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ඩුවාන් ඔලිවියර් එංගලන්තයට පිටව යාමෙන් පුරප්පාඩු වූ කොන්ත්‍රාත්තුව සදහා රසී වැන් ඩර් ඩුසේන් ඇතුළත් කර ඇති බව සදහන්.

Also Read : ඔලිවියර් වසර 3කට දකුණු අප්‍රිකාව හැර යයි – කොල්පැක් ගිවිසුමටත් අත්සන් තබයි


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top