දකුණු අප්‍රිකා පන්දු යවන්නන් පිත්තෙන් ගෞරවය රැක ගනියි

0 37

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද නිමා වුණා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි  දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 275ක්.

මෙම ඉනිමේ දී ද දකුණු අප්‍රිකා මුල්පෙල පිතිකරුවන් රැසක් අසාර්ථක වූ අතර, අංක 6 ස්ථානයේ පන්දුවට පහර දුන් නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 64ක් සහ ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 31ක් රැස් කළා.

ඉනිමේ 9 වන කඩුල්ල වෙනුවෙන් වර්නන් ෆිලැන්ඩර් සහ කේෂාව් මහරාජ් අතර ලකුණු 109ක සබදතාවයක් ගොඩ නැගුණා.

මහරාජ් ලකුණු 72ක් ලබා ගත් අතර, වර්නන් ෆිලැන්ඩර් නොදැවී ලකුණු 44යි.

පන්දු යැවීමේ දී ආර්. අශ්වින් කඩුලු 4ක් සහ උමේෂ් යාදෙව් කඩුලු 3ක් බිද හෙලුවා.

පූනේ හි පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 5ක් දැවී ලකුණු 601ක් ලබා සිටියදීයි.

සිය 7 වන ද්විත්ව ශතකය වාර්තා කළ නායක විරාට් කෝලි නොදැවී ලකුණු 254යි.

එම ද්විත්ව ශතකයත් සමග ඔහු ඉතිහාස ගත වූයේ වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ප්‍රමාණයක් වාර්තා කළ ඉන්දීය පිතිකරු ලෙසයි.

මේ වන විට ඉන්දීය කණ්ඩායම දෙවන ටෙස්ට් තරගයේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 326ක්.

You might also like

Leave A Reply

Your email address will not be published.