NEWS

දකුණු අප්‍රිකාවේ නව පිතිකරණ පුහුණුකරු මෙන්න

හිටපු මුම්බායි පිතිකරුවෙකු වන Amol Muzumdar දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වැඩබලන පිතිකරණ පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

ඒ, එළඹෙන ඉන්දීය තරග සංචාරයේ තරග 3කින් යුත්  ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහායි.

1994 වසරේ දී මුම්බායි වෙනුවෙන් පළමු පෙල තරග බිමට පිවිසි Amol Muzumdar එරට රංජි කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා ද වනවා.

රාජස්ථාන් රෝයල්ස්, නෙදර්ලන්ත, ඉන්දීය වයස අවුරුදු 19න් පහළ සහ 23 පහළ යන කණ්ඩායම්වල පිතිකරණ පුහුණුකරු ලෙස ද ඔහු මීට පෙර කටයුතු කර තිබෙනවා.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 2 වනදා ආරම්භ වීමට නියමිතයි.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top