දකුණු අප්‍රිකාවට ලකුණු 395ක ඉලක්කයක්

Day 4 Report

0 109

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද නිමා වුණා.

ඒ වන විට සිය දෙවන ඉනිමේ දී ලකුණු 395ක ඉලක්කයක් හඹා යමින් සිටි දකුණු අප්‍රිකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 11ක් ලබා සිටියා.

ඒ අනුව ඔවුන් තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 384ක් ලබා ගත යුතුයි.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 431ක් ලබා ගත්තා.

එහිදී ඩීන් එල්ගර් ලකුණු 160ක් සහ ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 111ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ආර්. අශ්වින් කඩුලු 7ක් බිද හෙලුවා.

අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඉනිම අත්හිටුවීමට තිරණය කලේ කඩුලු 4ක් දැවී ලකුණු 323ක් ලබා සිටියදීයි.

පළමු ඉනිමේ දී ශතකයක් ලබා ගත් රෝහිට් ෂර්මා දෙවන ඉනිමේ දී ද ලකුණු 127ක් ලබා ගත්තා.

විසාකාපට්නම්හී දී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලූ 7ක් දැවී ලකුණු 502ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.

තරගයේ ලකුණු සටහන මෙතනින්

You might also like

Leave A Reply

Your email address will not be published.