තෙවැනි 20යි 20 තරගය රෝස පැහැයෙන් වර්ණ ගැන්වීමේ තීරණයක්

0 110

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී ලාහෝර්හි ගඩාෆි ක්‍රිඩාංගනය රෝස පැහැයෙන් වර්ණවත් කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, පියයුරු පිළිකා පිළිබද දැනුවම් කිරීමේ අරමුණින්.

ඒ අනුව එහි ප්‍රධාන උත්සවය ශ්‍රී ලංකා – පාකිස්තාන තෙවැනි 20යි 20 තරගයට පෙර පාකිස්තාන ජනාධිපතිවරයාගේ සහ එරට ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

එහිදී ජනාධිපතිවරයා විසින් කණ්ඩායම් දෙකෙහි නායකයින්ගේ ඇදුමෙහි රෝස පැහැති රිබන් පටි පැලදීම සිදු කරනු ඇති.

එමෙන්ම සෙසු ක්‍රීඩකයින් සහ තරග නිළධාරීන් ද එම රෝස රිබන් පටි පැලද මෙම තරගයට එක්වන බව සදහන්.

තරගයේ දී භාවිතා කරන කඩුලු දෙක ද රෝස පැහැයෙන් වර්ණ ගන්වන අතර, තරගාවලියේ අනුග්‍රාහක ආයතන ද සිය වර්ණය ක්‍රීඩාංගනය තුළ දී රෝස පැහැයට පරිවර්තනය කරනු ඇති.

එමෙන්ම පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඉල්ලීකමක් කර සිටියේ සියලු ප්‍රේක්ෂකයින් ද රෝස පැහැයෙන් සැරසී මෙම තරගය නැරඹීම සදහා පැමිණෙන ලෙසයි.

12,000ක පමණ රිබන් තොගයක් ප්‍රෙක්ෂකයින් වෙත මෙම තරගයේ දී ලබා දීමට නියමිත අතර, රෝස පැහැයෙන් යුත් කමිස 750ක් ද ප්‍රේක්ෂකයින් අතට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ආසියානු රටවල් අතරින් පියයුරු පිළිකාවලට ගොදුරු වූවන් වැඩි වශයෙන් ඇති රටක් ලෙස පාකිස්තානය සැලකෙනවා.

පාකිස්තානයේ සෑම කාන්තාවන් 9 දෙනෙකුගෙන් එක් අයෙකු පියයුරු පිළිකා රෝගයට ගොදුරු වීමේ අවධානමක් පවතින බව සදහන්.

You might also like

Leave A Reply

Your email address will not be published.