BANGLADESH T20 TRI-SERIES

තුන්කොන් 20යි 20 තරගාවලියෙන් මෙහිදි ඉවතට

AFP

එළඹෙන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා වන බංග්ලාදේශ සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉන් දග පන්දු යවන ක්‍රීඩක මෙහිදි හසාන්(Mehidy Hasan) ඉවත් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත් අතර, එහි නායකයා ලෙස ශකිබ් අල් හසාන් කටයුතු කරනු ඇති.

සංචිතය සදහා මහෙඩි හසාන්(Mahedi Hasan) සහ අෆිෆ් හුසේන් කැදවා ඇති අතර,  Yeasin Arafat පළමු වරට 20යි 20 සංචිතයට නම් කර තිබෙනවා.

ආබායකට ලක්ව සිටි මොහොමඩ් සයිෆුදීන් ද මෙම සංචිතයට නම් ඇති බව සදහන්.

බංග්ලාදේශය, ඇෆ්ඝනිස්තානය සහ සිම්බාබ්වේ යන රටවල සහභාගීත්වයෙන් පැවැත්වෙන තුන්කොන් 20යි 20 තරගාවලිය ලබන 13 වනදා බංග්ලාදේශයේ දී ආරම්භ වනවා.

Bangladesh squad for first two T20Is:

Shakib Al Hasan (c), Liton Kumar Das, Soumya Sarkar, Mushfiqur Rahim, Mahmudullah, Afif Hossain, Mosaddek Hossain, Sabbir Rahman, Taijul Islam, Mahedi Hasan, Mohammad Saifuddin, Mustafizur Rahman, Yeasin Arafat


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top