NEWS

තිලංගට එරෙහි විමර්ශනයට ක්‍රීඩා ඇමතිගෙන් කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීමට හැකිදැයි විමර්ශනය කිරීම සදහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් කමිටුවක් පත් කර තිබෙනවා.

තිදෙනෙකුගෙන් යුත් කමිටුවේ ප්‍රධානීත්වය හිමිව ඇත්තේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාටයි.

මාසයක කාලයක් තුළ ඒ පිළිබද පරීක්ෂා කර වාර්තාවක් ලබා දෙන ලෙසට එම කමිටුවට උපදෙස් ලබා දී ඇති බව සදහන්.

එතෙක් ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීම අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තිලංග සුමතිපාල මහතාට එරෙහිව නියෝගයක් ද නිකුත් කළා.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top