NEWS

තිරිමාන්න ආබාධයකට ලක් වෙයි

ICC

පාකිස්තාන තරග සංචාරයේ දී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇති ළහිරු තිරිමාන්න ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා.

ඒ, ඊයේ පැවැති පුහුණුවීම් අතරතුර දීයි.

කෙසේ වෙතත්, ඔහුගේ ආබාධ තත්ත්වය බරපතල නොවන බවත්, පාකිස්තාන තරග සංචාරය ආරම්භ වන විට ඔහු සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවනු ඇති බවට විශ්වාස කෙරෙන බවත් සදහන්.

නිත්‍ය නායක දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයින් 10 දෙනෙකු ආරක්ෂක ගැටලු හේතුවෙන් අදාළ තරග සංචාරය සදහා සහභාගී නොවීම හේතුවෙනුයි ළහිරු තිරිමාන්නට එක්දින කණ්ඩායමේ නායකත්වය හිමිවුණේ.

තරග සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ආයතන බළධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැති අතර, එහිදී එම තරග සංචාරයෙන් ඉවත්වීම සදහා ක්‍රීඩකයින්ට නිදහස ලබා දෙන බවට ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී අසන්ත ද මැල් මහතා සදහන් කළා.

ඒ අනුව නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ලසිත් මාලිංග, ඇන්ජෙලෝ මැතිව්ස්, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න පාකිස්තාන තරග සංචාරයෙන් ඉවත් වීමටයි තීරණය කළේ.

පාකිස්තාන – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 27 වනදා ආරම්භ වන අතර, තරග සංචාරයට එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් ඇතුළත්.

20යි 20 තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක පත් කර ඇති බවයි වාර්තා වන්නේ.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top