“තවමත් හිතනවා මොකක්ද ඇත්තටම සිදු වුණේ කියල” – මිස්බා

0 70

නිමා වූ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට තරගකාරීත්වයක් ලබා දීමට හෝ පාකිස්තාන කණ්ඩායම අසමත් වූ බව එරට ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් පවසනවා.

ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 ක්‍රිකට් තරගාවලිය පරාජයට පත් වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

“අපි ඉතාමත් දුර්වල ලෙසයි ක්‍රීඩා කළේ. අනිවාර්යයෙන්ම මෙය මගේ වගකීමක්. නමුත් මම තවමත් හිතනවා මොකක්ද ඇත්තටම සිදු වුණේ කියල. මොකද මේ කණ්ඩායමම තමයි බොහෝ කාලයක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරමින් පාකිස්තානය පළමු ස්ථානයට රැගෙන ආවෙ. “

තමා මෙවර තරගාවලියේ දී කණ්ඩායම තුළ කිසිදු උපායමාර්ගික වෙනස්කම් සිදු නොකළ බව ද මිස්බා උල් හක් පෙන්වා දුන්නේ තරග පරාජයට ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ උපාය මාර්ගිකව සිදු කළ වෙනස්කම් හේතු වූයේදැයි මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබා දෙමින්.

තරගාවලිය අවසන් වූයේ ප්‍රශ්න රැසක් ඉතිරි කරමින් බව ද පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු මෙහිදී කියා සිටියා.

You might also like

Leave A Reply

Your email address will not be published.