තණතීරුවේ භයානකත්වය හේතුවෙන් මෙල්බර්න් ක්‍රීඩාංගනය අර්බුදයක – පළමු දිනයත් අත්හිටුවයි

0 312

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන Sheffield Shield කුසලාන සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද ආරම්භ වූ තරගයක් තණතීරුවේ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් පළමු දිනය නියමිත වේලාවට පෙර අවසන් කිරීමට සිදු වුණා.

මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී අදාළ තරගය පැවැත්වෙන්නේ බටහිර ඔස්ට්‍රේලියාව සහ වික්ටෝරියා කණ්ඩායම අතරයි.

තණතීරුවේ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් අද දිනයේ දී තරගයේ ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 38.4ක් පමණයි.

එම කාලය තුළ දී අවස්ථා කිහිපයකදීම පන්දුව තණතීරුවේ පතිත වී අනපේක්ෂිත ඉපිලීමක් පෙන්නුම් කළා.

ඒ හේතුවෙන් පිතිකරුවන් කිහිපදෙනෙකුගේම ශරීරයේ පන්දුව වැදීමෙන් අනතුරු කිහිපයක්ම සිදු වූ අතර, පසුව විනිසුරුවන් තීරණය කළේ තරගයේ අද දිනය නියමිත වේලාවට පෙර නතර කිරීමටයි.

ඒ වන විට බටහිර ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 89ක් ලබා සිටියා.

හෙට දිනයේ දී යළි විනිසුරුවන් විසින් තණතිරු පරීක්ෂාවක් සිදු කිරීමට නියමිත අතර, තරගය නියමිත වේලාවට වඩා මිනිත්තු 30කට පෙර ආරම්භ කිරීමට ද නියමිතයි.

නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර බොක්සිං දින ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ද මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී යි.

මේ සම්බන්ධයෙන් නිවේනයක් නිකුත් කළ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළේ එම ටෙස්ට් තරගයේ දී යෝග්‍ය තණතීරුවක් සකස් කිරීම සදහා මෙල්බර්න් ක්‍රීඩාංගනයේ බළධාරීන් සමග සමීපව කටයුතු කරන බවයි.

පන්දුව ශරීරයේ වැදී සිදු වූ අනතුරු ඇතුළත් වීඩියෝව පහතින් –

You might also like

Leave A Reply

Your email address will not be published.