ඩේල් ස්ටේන් මෙල්බර්න් ස්ටාර්ස් සමග ගිවිසුම් ගත වෙයි

0 52

දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

ඉදිරි තරගවාරයේ පළමු තරග 6 සදහා පමණක් ක්‍රීඩා කිරීමට ඔහු මෙම ගිවිසුම අත්සන් කර ඇති බව සදහන්.

දකුණු අප්‍රිකානු හිටපු සුපිරි පිතිකරු ඒ.බී.ඩි විලියස් ද පසුගියදා බ්‍රිස්බේන් හීට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහා ගිවිසුම් අත්සන් කළා.

36 හැවිරිදි ඩේල් ස්ටේන් මේ වන විට ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගෙන ඇති අතර, සීමිත පන්දුවාර තරග සදහා පමණක් ඔහු ක්‍රීඩා කරනවා.

කෙසේ වෙතත්, නිමා වූ අයි.පී.එල් තරගාවලියේ දී උරහිසෙහි ආබාධයකට ලක් වීමත් සමග පසුගිය මාර්තු මාසයෙන් පසුව ඔහු මෙතෙක් කිසිදු ජාත්‍යන්තර තරගයක් සදහා ක්‍රීඩා කර නැහැ.

You might also like

Leave A Reply

Your email address will not be published.