“ටෙස්ට් තරගාවලිය ගැන සියලු ක්‍රීඩකයින් ගොඩක් හැගීම් බරයි” – අසාර් අලී

0 244

පාකිස්තාන – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන් සියලු පාකිස්තාන ක්‍රීඩකයින් බොහෝ සෙයින් හැගීම්බර වී ඇති බව එරට ටෙස්ට් ක්‍රිකට් නායක අසාර් අලී පවසනවා.

සිය රටේ ක්‍රීඩාංගන තුළ දී ම ක්‍රීඩා කිරීමට ලැබීම දැඩි සතුටට කරුණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉදිරියේ දී තවදුරටත් ටෙස්ට් තරග සිය රට තුළ දී ම ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබෙනු ඇති බවට ද අසාර් අලී විශ්වාසය පල කළා.

මෙම පාකිස්තාන ටෙස්ට් සංචිතයේ සිටින කිසිදු ක්‍රීඩකයෙකු මෙතෙක් සිය රටේ දී කිසිදු ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර නැහැ.

පාකිස්තානය අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරග හයම මේ වන විට පරාජයට පත්ව තිබෙනවා.

ඔවුන් අවසන් වරට ටෙස්ට් තරගාවලියක් ජය ගෙන මේ වන විට වසරකටත් වැඩි කාලයක් ගත වනවා.

ඒ හේතුවෙන් මෙම තරගාවලිය ජය ගැනීම අතිශය වැදගත් බවයි අසාර් අලී සදහන් කර සිටියේ.

You might also like

Leave A Reply

Your email address will not be published.