ටෙස්ට් තරගාවලියට පාකිස්තානය ශ්‍රී ලංකාවෙන් මුදල් ඉල්ලයි

0 53

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය කැමැත්තෙන් පසු නොවන බව වාර්තා වනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ තරගාවලිය පාකිස්තානයේ දී නොපවත්වා වෙනත් රටක පවත්වන්නේ නම් ඒ සදහා වැය වන මුදලින් කොටසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද දැරිය යුතු බවයි.

කෙසේ වෙතත්, අදාළ තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැමැත්තක් නොදක්වන බව මේ වන විට පැහැදිලි කරුණක්.

ක්‍රීඩාංගනයෙන් පිටතට පැමිණි විට ක්‍රීඩකයින්ට හෝටල් කාමර තුළම රැදී සිටිමින් දින ගණනාවක් කාලය ගත කිරීමට සිදු වීම ගැටලු සහගත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පසුගියදා පෙන්වා දුන්නේ.

එමෙන්ම අදාළ ටෙස්ට් තරගාවලිය අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටයට අයත් වන බැවින් ශ්‍රී ලංකාවට ප්‍රබල කණ්ඩායමක් ඒ සදහා නම් කිරීමට ද සිදු වනවා.

එනම්, නිමා වූ පාකිස්තාන තරග සංචාරයේ දී මෙන් අත්දැකීම් අඩු සංචිතයක් ටෙස්ට් තරගාවලිය සදහා නම් කිරීමේ හැකියාවක් නැහැ.

දෙරට අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය ලබන දෙසැම්බර් මාසයේ දී යි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

You might also like

Leave A Reply

Your email address will not be published.