NEWS

ගේල්ගේ සුපිරි ශතකය වාර්තාගත හඹා යාමක් නිසා අපතේ යයි

CPL

කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් සී.පී.එල් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගයෙන් වාර්තා ගත ජයක් ලැබීමට ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියට්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ කඩුලු 4කින් පරාජයට පත් වූයේ ජැමයිකා තලවාස් කණ්ඩායමයි.

ශාන්ත කිට්ස් හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැමයිකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 241ක් ලබා ගත්තා.

ක්‍රිස් ගේල් ලකුණු 116ක් රැස් කලේ පන්දු 62කට මුහුණ දී හයේ පහර 10ක් ද සමගින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ  ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියට්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 7ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6ක් දැවී සිටියදීයි.

ඩෙවෝන් තෝමස් ලකුණු 71යි.

එවින් ලුවිස් පන්දු 18කින් ලකුණු 53ක් ලබා ගත් අතර, ඔහු සිය අර්ධ ශතකය වාර්තා කිරීම සදහා වැය කළ පන්දු සංඛ්‍යාව 17ක්.

එය සී.පී.එල් තරගාවලි ඉතිහාසයට එක්වූයේ අවම පන්දු සංඛ්‍යාවකින් වාර්තා වූ අර්ධ ශතකය ලෙසයි.

පන්දු යැවීමේ දී ඔෂේන් තෝමස් කඩුලු 4ක් බිද හෙලුවා.

මෙම තරග ජය 20යි 20 ඉතිහාසයට එක් වූයේ හඹා ගොස් කණ්ඩායමක් තරගයක් ජයගත් දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top