NEWS

ගුරුසිංහගේ සේවයත් දීර්ඝ නොකිරීමේ තීරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ක්‍රිකට් මෙහෙයුම් නිළධාරී වන අසංක ගුරුසිංහ මහතාගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ දක්ෂතා වර්ධන මධ්‍යස්ථානයේ සහ බුද්ධි මධ්‍යස්ථානයේ මෙන්ම ජාත්‍යන්තර සහ කාන්තා ක්‍රිකට් පිළිබදව ඔහු පසුගිය කාලයේ දී සොයා බලනු ලැබුවා.

ඒ, 2018 වසරේ අප්‍රේල් මාසයේ සිටයි.

කෙසේ වෙතත්, ඔහුගේ කොන්ත්‍රාත් ගිවිසුම් කාලය අදින් (14) අවසන් වනු ඇති.

සියලු පුහුණුකරුවන් අලුතින් පත් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති පියවරත් සමග අසංක ගුරුසිංහට ද අදාළ ධූරය අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top