INDIA TOUR OF WEST INDIES

කෝලි සහ බුවනේෂ්වර් ඉන්දියාවට ජය ගෙනෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින ක‍්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලූවිස් න්‍යාය යටතේ ලකුණු 59ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ටි‍්‍රනිඩෑඞ් හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලූ 7ක් දැවී ලකුණු 279ක් ලබා ගත්තා.

විරාට් කෝලි ලකුණු 120යි.

පන්දු යැවීමේ දී කාර්ලස් බ‍්‍රැත්වෙයිට් කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් කොදෙව් කණ්ඩායමට පන්දුවාර 46කදී තරගය ජය ගැනීම සදහා හිමි වූ ඉලක්කය ලකුණු 270ක්.

කෙසේ වෙතත්, පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 42ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 210ක් පමණයි.

එවින් ලුවිස් ලකුණු 65යි.

පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර් කඩුලු 4ක් බිද හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක‍්‍රිකට් තරගාවලිය තරග 1-0ක් ලෙස මේ වන විට පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.

පළමු එක්දින තරගය වර්ෂාව හේකුවෙන් පසුගියදා අත්හැර දැමුණා.

තරගයේ ලකුණු සටහන මෙතනින්


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top