කෝටි ගණන් වටිනා ඉන්දීය ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් මෙන්න – දෝනි ඉවතට

0 1,225

වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම් හිමි ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අද(16) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි විශේෂත්වය වන්නේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිට කොන්ත්‍රාත් ගිවිසුමක් හිමි නොවීමයි.

ඔහු මීට පෙර “ඒ” ඛාණ්ඩයේ කොන්ත්‍රාත් ගිවිසුමකට එළඹ සිටි නමුත්, නිමා වූ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව මෙතෙක් කිසිදු ජාත්‍යන්තර තරගයක් සදහා ක්‍රීඩා කර නැහැ.

මේ අතර, මෙවර කොන්ත්‍රාත් ගිවිසුම් අතරින් “A +” ඛාණ්ඩයට අයත්ව සිටින්නේ නායක විරාට් කෝලි, උප නායක රෝහිට් ෂර්මා සහ ජස්ප්‍රිට් බුම්රා යන ක්‍රීඩකයින්.

එම ගිවිසුමෙහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 7ක්.

“A” ඛාණ්ඩයට යටත් ක්‍රීඩකයින්ට ඉන්දීය රුපියල් කෝටි 5ක් වටිනා ගිවිසුම් හිමි වන අතර, එම ඛාණ්ඩයට යටත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 11ක්.

“B” ඛාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 5 දෙනෙකුද, “C” ඛාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 8 දෙනෙකු ද ගිවිසුම් ගතවී ඇති බව සදහන්.

ඒ අනුව මෙවර කොන්ත්‍රාත් ගිවිසුම් හිමිව ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව 27ක්.

පසුගියවර කොන්ත්‍රාත් ගිවිසුම් හිමිව තිබූ ක්‍රීඩකයින් අතරින් මෙවර කොන්ත්‍රාත් ගිවිසුම් අහිමි වී ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ දිනේෂ් කාර්තික්, කලීල් අහ්මඩ් සහ අම්බටි රයිදු යන අයයි.

මෙම ගිවිසුම් වලංගු කාලසීමාව වන්නේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට මෙම වසරේ සැප්තැම්බර් මාසය දක්වායි.

ඛාණ්ඩ සහ වටිනාකම් :

  • Grade A + – INR 7 Cr
  • Grade A – INR 5 Cr
  • Grade B – INR 3 Cr
  • Grade C – INR 1 Cr

ක්‍රීඩකයින් ඛාණ්ඩගත වී ඇති අයුරු –

A+ :

  • Virat Kohli
  • Rohit Sharma
  • Jasprit Bumrah

A :

  • Ravichandran Ashwin
  • Ravindra Jadeja
  • Bhuvneshwar Kumar
  • Cheteshwar Pujara
  • Ajinkya Rahane
  • K L Rahul
  • Shikhar Dhawan
  • Mohd. Shami
  • Ishant Sharma
  • Kuldeep Yadav
  • Rishabh Pant

B :

  • Wriddhiman Saha
  • Umesh Yadav
  • Yuzvendra Chahal
  • Hardik Pandya
  • Mayank Agarwal

C :

  • Kedar Jadhav
  • Navdeep Saini
  • Deepak Chahar
  • Manish Pandey
  • Hanuma Vihari
  • Shardul Thakur
  • Shreyas Iyer
  • Washington Sundar

 

You might also like

Leave A Reply

Your email address will not be published.