NEWS

කොදෙව් නායකත්වය කිරන් පොලාඩ්ට

බටහිර ඉන්දීය කොදෙව් එක්දින සහ 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස කිරන් පොලාඩ් පත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහු කොදෙව් දේශය වෙනුවෙන් අවසන් වරට එක්දින තරගයක් සදහා ක්‍රීඩා කර ඇත්තේ 2016 වසරේ දීයි.

මෙතෙක් එරට එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ජේසන් හෝල්ඩර් කටයුතු කළ අතර, 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ කාර්ලස් බ්‍රැත්වෙයිට්.

කොදෙව් කණ්ඩායමේ මීළග සීමිත පන්දුවාර තරගාවලිය ඇෆ්ඝනිස්තානයට එරෙහිව ලබන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ, ඉන්දියාවේ දී යි.

එහිදී කොදෙව්වන් සහ ඇෆ්ඝනිස්තානය අතර එක්දින තරග 3 ක්, 20යි 20 තරග 3ක් මෙන්ම එක් ටෙස්ට් තරගයක් පැවැත්වෙනු ඇති.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top