කොදෙව්වන්ට ලකුණු 30ක ජයක්

0 18

ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 30ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඉන්දියාවේ ලක්නව් හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් කඩුළු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තා.

එවින් ලුවිස් ලකුණු 68යි.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඇෆ්ගනිස්ථානයට කඩුළු 9ක් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 134ක් පමණයි.

පන්දු යැවීමේදී ලකුණු 17කට කඩුළු 2ක් බිඳ හෙළු කොදෙව් නායක කිරන් පොලාඞ් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

You might also like

Leave A Reply

Your email address will not be published.