කොදෙව්වන්ට පළමු 20යි විස්සෙන් ලකුණු 4ක පරාජයක්

0 312

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

ග්‍රැනේඩා හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු කඩුලු 7ක් දැවී ලකුණු 208ක් ලබා ගත්තා.

පෝල් ස්ටිර්ලින්ග් පන්දු 47කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 6ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 95ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණූ 204ක් පමණයි.

එවින් ලුවිස් ලකුණු 53යි.

ජොෂ් ලිට්ල් කඩුලු 3ක් බිද හෙලුවා.

දෙරට අතර පැවැත්වෙන දෙවන 20යි 20 තරගය එළඹෙන 19 වනදා ශාන්ත කිට්ස්හීදී පැවැත්වීමට නියමිතයි.

You might also like

Leave A Reply

Your email address will not be published.