NEWS

කුලසේකර වෙනුවෙන් තෙවැනි තරගයේ දී සමු ගැනීමේ උත්සවයක්

පසුගියදා ජගත් ක්‍රිකට් පිටියට සමුදුන් ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර වෙනුවෙන් බංග්ලාදේශය සමග පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී සමු ගැනීමේ උත්සව අවස්ථාවක් සංවිධාන කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ලසිත් මාලිංගට ලබා දුන් ආකාරයේ සමු ගැනීමේ අවස්ථාවක් ඔහුට ලබා දීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරීයෙකු සදහන් කළේ.

කෙසේ වෙතත්, ඔහුට සමු ගැනීමේ තරගයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි නොවනු ඇති.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලබන බදාදා(31) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top