කුපිත වූ ප්‍රේක්ෂකයින් සර්ෆ්‍රාස්ගේ අනුරුවකට පහර දෙයි

0 66

ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී ලැබූ පරාජයත් සමග පාකිස්තාන ප්‍රේක්ෂකයින්ගෙන් එරට නායක සර්ෆ්‍රාස් අහ්මඩ් වෙත දැඩි විරෝධයක් මේ වන විට එල්ල වෙමින් පවතින බව වාර්තා වනවා.

ඔහුගේ නායකත්වය සම්බන්ධයෙන් ද බොහෝ පාර්ශව ප්‍රශ්න කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රබල ක්‍රීඩකයින් නොමැති නවක ශ්‍රී ලංකා කණ්ඩායමක් හමුවේ පාකිස්තානය පරාජයට පත්වීම ඊට ප්‍රධාන හේතුවක්.

ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 තරගාවලිය පරාජය වීමෙන් පසුව ප්‍රේක්ෂකයෙකු විසින් සර්ෆ්‍රාස් අහ්මඩ්ගේ අනුරුවකට පහර දෙන අයුරු ඇතුළත් වීඩියෝවක් ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුමවාරු වනු දක්නට ලැබෙනවා.

එම වීඩියෝව පහතින් –

You might also like

Leave A Reply

Your email address will not be published.