NEW ZEALAND TOUR OF SRI LANKA

මාලිංගගේ ලෝක වාර්තා සමගින් ශ‍්‍රී ලංකාවට ලකුණු 37ක ජයක්

icc

නවසීලන්තය සමග පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 37ක පෙරලිකාර ජයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක‍්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 125ක් ලබා ගත්තා.

ධනුෂ්ක ගුණතිලක ලකුණූ 30යි.

පන්දු යැවීමේ දී මිචෙල් සැන්ට්නර් හා ටොඩ් ඇස්ට්ල්කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 16කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 88ක් පමණයි.

ටිම් සවුති නොදැවී ලකුණු 28යි.

පන්දු යැවීමේ දී ලසිත් මාලිංග නව ලෝක වාර්තා දෙකක් සමගින් කඩුලු 5ක් බිද හෙලුවේ ලකුණු 6ක් පමණක් ප‍්‍රතිවාදීන්ට ලබා දෙමින්.

එහිදී ඔහු පළමු කඩුලු 4 පිට පිට පන්දු 4කින් දවා ගනිමින් එවැනි දක්ෂතාවක් 20යි 20 තරගයකදී දැක් වූ ලොව දෙවන පන්දු යවන්නා ලෙස ඉතිහාසයට එක් වුණා.

Read More : 20යි විස්සේ අඛණ්ඩව කඩුලු 4ක් දවා ගත් දෙවැනියා මාලිංග බව ඔබ දන්නවා ද?

ජාත්‍යන්තර තරග පිටියේ එවැනි අවස්ථාවක් සනිටුහන් වූ තෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර ලසිත් මාලිංග විසින්ම අදාළ ලෝක වාර්තාව පිහිටුවා තිබුණා.

එමෙන්ම ඔහු අද 20යි 20 ජාත්‍යන්තර පිටියේ කඩුලු සියයේ සීමාව පසු කර ගිය අතර, එවැනි දක්ෂතාවයක් දැක් වූ ලොව පළමු පන්දු යවන්නා ද ඔහුයි.

කෙසේ වෙතත් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගත්තේ නවසීලන්තයයි.

තරගයේ සජීවී ලකුණු සටහන මෙතනින්

 


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top